| 1. | rz;ilNahL$ba tPLepiwe;j nfhOikahd gjhh;j;jq;fisg;ghh;f;fpYk;> mkhpf;ifNahNl rhg;gpLk; ntWk; Jzpf;ifNa eyk;. |
| | තරඟ ඇත්තාවූ, මංගල භෝජනවලින් පිරී තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය. |
| 2. | Gj;jpAs;s Ntiyf;fhud; ,yr;irAz;lhf;Ffpw Gj;jpuid Mz;L> rNfhjuUf;Fs;s Rje;juj;jpy; gq;filthd;. |
| | නුවණින් හැසිරෙන මෙහෙකරුවෙක් ලජ්ජාව උපදවන පුත්‍රයෙකු කෙරෙහි ආණ්ඩුකරයි, සහෝදරයන් අතරේද ඔහු උරුමය බෙදාගනියි. |
| 3. | nts;spiaf; FifAk;> nghd;idg; GlKk; Nrhjpf;Fk;@ ,Ujaq;fisr; Nrhjpf;fpwtNuh fh;j;jh;. |
| | රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; එහෙත් සිත් සෝදිසිකරන්නේ ස්වාමීන්වහන්සේය. |
| 4. | J\;ld; mf;fpuk cjLfs; nrhy;tij cw;Wf;Nfl;fpwhd;@ ngha;ad; NfLs;s ehTf;Fr; nrtpnfhLf;fpwhd;. |
| | නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි; බොරුකාරයා ප්‍රයෝගකාර දිවට කන් යොමුකරයි. |
| 5. | Vioiag; ghpahrk;gz;Zfpwtd; mtid cz;lhf;fpdtiu epe;jpf;fpwhd;@ Mgj;ijf;Fwpj;Jf; fspf;fpwtd; jz;lidf;Fj; jg;ghd;. |
| | දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඬුවම් නොලැබ නොසිටියි. |
| 6. | gps;isfspd; gps;isfs; KjpNahUf;Ff; fph;Plk;@ gps;isfspd; Nkd;ik mth;fs; gpjhf;fNs. |
| | මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය; දරුවන්ගේ පාරට්ටුව ඔවුන්ගේ පියවරුය. |
| 7. | Nkd;ikahditfisg; NgRk; cjL %lDf;Fj; jfhJ@ ngha; NgRk; cjL gpuGTf;F vt;tsNtDk; jfhJ. |
| | උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය. |
| 8. | ghpjhdk; thq;Ffpwth;fspd; ghh;itf;F mJ ,uj;jpdk;NghypUf;Fk;@ mJ Nehf;Fk; jpirnay;yhk; fhhpak; tha;f;Fk;. |
| | තෑග්ගක් ලබන්නාට එය මැණිකක් මෙන් පෙනේ; එය කොයි අතට හැරෙතත් සඵලවේ. |
| 9. | Fw;wj;ij %Lfpwtd; rpNefj;ij ehLfpwhd;@ Nfl;lijr;nrhy;Yfpwtd; gpuhzrpNefpjiuAk; gphpj;JtpLfpwhd;. |
| | වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය. |
| 10. | %lid E}wb mbg;gijg;ghh;f;fpYk;;> Gj;jpkhid thapdhy; fz;bg;gNj mjpfkha; ciwf;Fk;. |
| | අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය. |
| 11. | J\;ld; fyfj;ijNa NjLfpwhd;@ F&uJ}jd; mtDf;F tpNuhjkhf mDg;gg;gLthd;. |
| | කැරළිකාරයා නපුර පමණක් සොයන්නේය; එබැවින් ඔහුට විරුද්ධව කෲර පණිවිඩකාරයෙක් යවනු ලැබේ. |
| 12. | jd; kjpNfl;by; jphpAk; kjpaPdDf;F vjph;g;gLtijg;ghh;f;fpYk;> Fl;bfisg; gwpnfhLj;j fubf;F vjph;g;gLtJ thrp. |
| | අඥානයෙකු තමාගේ මෝඩකමේදී සම්බවීමට වඩා පැටවුන් නැතිවුණු වැලහින්නියක් මනුෂ්‍යයෙකුට සම්බවීම හොඳය. |
| 13. | ed;ikf;Fj; jPiknra;fpwtd; vtNdh> mtd; tPl;iltpl;Lj; jPik ePq;fhJ. |
| | යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය. |
| 14. | rz;ilapd; Muk;gk; kjifj;jpwe;JtpLfpwJNghypUf;Fk;@ Mjyhy; tpthjk; vOk;GKd; mij tpl;LtpL. |
| | ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න. |
| 15. | Jd;khh;f;fid ePjpkhdhf;FfpwtDk;> ePjpkhidf; Fw;wthspahf;FfpwtDkhfpw ,t;tpUtUk; fh;;j;jUf;F mUtUg;ghdth;fs;. |
| | දුෂ්ටයා නිදොස්කරන්නාද ධර්මිෂ්ඨයා වරදට පත්කරන්නාද යන දෙදෙනාම ස්වාමීන්වහන්සේට එකාකාර පිළිකුලක්ය. |
| 16. | Qhdj;ijf; nfhs;Sk;gb %ld; ifapNy nuhf;fk; vd;dj;jpw;F? mjpd;Nky; mtDf;F kdkpy;iyNa. |
| | තේරුම් නැතුව තිබියදී, ප්‍රඥාව ලබාගැනීමට අඥානයාගේ අතෙහි මිල තිබීම කුමටද? |
| 17. | rpNefpjd; vy;yhf; fhyj;jpYk; rpNefpg;ghd;@ ,Lf;fzpy; cjtNt rNfhjud; gpwe;jpUf;fpwhd;. |
| | මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය. |
| 18. | Gj;jpaPdd; jd; rpNefpjDf;F Kd;ghff; ifabj;Jf;nfhLj;Jg; gpizg;gLfpwhd;. |
| | තේරුම් නැති මනුෂ්‍යයා අතගසමින් තම අසල්වාසියා ඉදිරියෙහි ඇපවෙන්නේය. |
| 19. | thJg;gphpad; ghjfg;gphpad;@ jd; thriy cah;j;jpf; fl;Lfpwtd; mopit ehLfpwhd;. |
| | ඩබරයට ප්‍රියවෙන්නා වරදට ප්‍රියවෙයි; තමාගේ දොරකඩ උස්කොට සාදන්නා විනාශය සොයයි. |
| 20. | khWghlhd ,UjaKs;std; ed;ikiaf; fz;liltjpy;iy@ Gul;L ehTs;std; jPikapy; tpOthd;. |
| | වංක සිතක් ඇත්තාට ශුභසිද්ධ නොවන්නේය; දිව් දෙකක් ඇත්තාද විපතට වැටෙන්නේය. |
| 21. | %lGj;jpuidg; ngWfpwtd; jdf;Fr; rQ;ryKz;lhf mtidg; ngWfpwhd;;;;@ kjpaPdDila jfg;gDf;F kfpo;r;rpapy;iy. |
| | අඥානයෙකු උපදවන්නාට ශෝකය වන්නේය. මෝඩයෙකුගේ පියාට සන්තෝෂයක් නැත. |
| 22. | kdkfpo;r;rp ey;y xs\jk;@ Kwpe;j MtpNah vYk;Gfis cyug;gz;Zk;. |
| | තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි. |
| 23. | Jd;khh;f;fd;> ePjpapd; topiag; Gul;l> kbapYs;s ghpjhdj;ij thq;Ffpwhd;. |
| | යුක්තියේ මාවත් පෙරළීමට දුෂ්ටයා ඔඩොක්කුවෙන් තෑග්ගක් පිළිගනියි. |
| 24. | Qhdk; Gj;jpkhDf;F Kd;ghf ,Uf;Fk;@ %lDila fz;fNsh G+kpapd; filahe;juq;fspy; nry;Yk;. |
| | තේරුම් ඇත්තා ඉදිරියෙහිම ප්‍රඥාව ඇත්තේය; එහෙත් අඥානයාගේ ඇස් පොළොවේ කෙළවරට යන්නේය. |
| 25. | %lGj;jpud; jd; gpjhTf;Fr; rypg;Gk;> jd;idg; ngw;wth;fSf;Ff; frg;Gkhdtd;. |
| | අඥාන පුත්‍රයා තම පියාට ශෝකයක්ය, ඔහු බිහිකළ තැනැත්තීටද දුකක්ය. |
| 26. | ePjpkhidj; jz;lk;gpbf;fpwJk;> epahaQ;nra;fpwtidg; gpuGf;fs; mbf;fpwJk; jFjpay;y. |
| | ධර්මිෂ්ඨයාට දඩගැසීමවත් අවංකකම නිසා උත්තමයන්ට පහර දීමවත් හොඳ නැත. |
| 27. | mwpthsp jd; thh;j;ijfis mlf;Ffpwhd;@ tpNtfp Fsph;e;j kdKs;std;. |
| | තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය; නිශ්චල ආත්මයක් ඇත්තාද ඥානවන්තයෙක්ය. |
| 28. | NgrhjpUe;jhy; %lDk; Qhdthd; vd;W vz;zg;gLthd;@ jd; cjLfis %Lfpwtd; Gj;jpkhd; vd;W vz;zg;gLthd;. |
| | මෝඩයෙක් පවා නිශ්ශබ්දව සිටින විට ප්‍රඥාවන්තයෙකු මෙන්ද, ඔහු තමාගේ තොල් පියාගන සිටිනවිට තේරුම් ඇත්තෙකු මෙන්ද සලකනු ලැබේ. |